English தமிழ்
දැන්ම විමසන්න

බී.සී.ජී. ද සිල්වා මහතා - විධායක නොවන සභාපති

බ්‍රින්ඩ්ලි ද සිල්වා මහතා, LOLC ෆිනෑන්ස් පී.එල්.සී සහ LOLC (කාම්බෝජය) පී.එල්.සී හි සභාපතිවරයා වෙයි. ඔහු සීමාසහිත LOLC මියන්මාර් මයික්‍රො ෆිනෑන්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයාද වේ. බ්‍රින්ඩ්ලි ද සිල්වා මහතා 2003 සිට 2015 දක්වා LOLC ෆිනෑන්ස් පී.එල්.සී හි කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී ලෙස සහ 2017/18 LOLC මයික්‍රො ක්‍රෙඩිට් අධ්‍යක්ෂවරයා ලෙස LOLC සමූහයේ කටයුතු කළේය. LOLC සමූහයට එක්වීමට පෙර ඔහු 1984 සිට බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ විශේෂිත කල්බදු සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල සහ සාමාන්‍යාධිකාරී තනතුරු දරමින් ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා කර්මාන්තයේ (NBFI) සේවය කර තිබේ.

ඔහු අලෙවිකරණ සහ විකුණුම්, ණය සහ අයකරගැනීම් කළමනාකරණ මෙන්ම මූල්‍ය ආවරණය කරමින් බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රයේ පුළුල් පරාසයක අත්දැකීම් සහ විද්වත් භාවයක් ලබා ඇත. බ්‍රින්ඩ්ලි ද සිල්වා මහතා, ශ්‍රී ලංකා ණය කළමනාකරණ ආයතනයේ සාමාජිකයෙකු වන අතර 2010 සිට 2015 දක්වා වසර පහක කාලයක් එහි ගරු ලේකම්වරයා විය. ඔහු ශ්‍රී ලංකා මූල්‍ය ආයතන සම්මේලනයේ කළමනාකාරිත්ව මණ්ඩල සාමාජිකයෙකු ලෙස වසර නමයක් සේවය කළ අතර ඉන් වසර හතරක් උප සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

ඔහු ශ්‍රී ලංකා මූල්‍ය ඔම්බුඩ්ස්මන් සීමිත (වගකීම්) සමාගමේ අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කළ අතර 2015 වසරේදී එම තනතුරු වලින් ඉවත් විය. ඊට අමතරව ඔහු අබාධිත තැනැත්තන්ට සේවා සලසන රාජ්‍ය නොවන සංවිධානයක් වන තංගල්ල නවජීවන පුනරුත්ථාපන ආයතනයේ විධායක නොවන අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කරයි.

ආර්.ඩී. තිසේරා මහතා - නියෝජ්‍ය සභාපති/ප්‍රධාන විධායක නිලධාරි

සංවර්ධන මූල්‍ය විශේෂඥයෙකු වන රවී තිසේරා මහතා LOLC සමූහයට එක්වූයේ 1993 වසරේදීය. ඔහු ශ්‍රී ලංකාවේ විශාලතම ක්ෂුද්‍ර මූල්‍ය සැපයුම්කරු වන LOLC මයික්‍රො ක්‍රෙඩිට් ලිමිටඩ් (LOMC) හි ආරම්භක ප්‍රධාන විධායක නිලධාරිවරයාද වේ. LOMC, ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතනය නිර්මාණය කරමින් LOLC ෆිනෑන්ස් පී. එල්. සී (LOFIN) සමඟ 2018 මාර්තු 29 වනදා ඒකාබද්ධ කෙරුණු අතර ඔහු තවදුරටත් එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු කරයි. ඊට අමතරව ඔහු LOLC කාම්බෝජියා පී.එල්.සී, LOLC මියන්මාර් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම, පාකිස්ථානයේ පාක් - ඕමාන් මයික්‍රො ෆිනෑන්ස් බෑන්ක් ලිමිටඩ් සහ බ්‍රැක් ලංකා ෆිනෑන්ස් පී.එල්.සී අධ්‍යක්ෂ මණ්ඩල වලද සාමාජිකයෙක් වෙයි.

එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයේ අලෙවිකරණය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකු වන රවී තිසේරා මහතා හාවඩ් ව්‍යාපාරික පාසලේ ක්‍රමෝපාය නායකත්ව පුහුණුවක්ද ලබා ඇත. ඔහු ප්‍රධාන විධායක නිලධාරි වශයෙන් කටයුතු කරන සමයේ LOMC, ඇමරිකා එක්සත් ජනපදයේ SMART වැඩසටහන යටතේ ගණුදෙනුකාර ආරක්ෂණ ප්‍රතිපත්තීන් උදෙසා වන සහතිකය හිමිකරගත් ශ්‍රී ලංකාවේ එකම ක්ෂුද්‍ර මූල්‍ය සැපයුම්කරු බවට පත්වූ අතර, INSEAD ව්‍යාපාරික පාසලේ පර්යේෂණ අධ්‍යනයක් බවටද පත් විය.

කේ.යූ. අමරසිංහ මහත්මිය - විධායක අධ්‍යක්ෂිකා

ආර්ථික විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් දරන කල්ෂා අමරසිංහ මහත්මිය ආයෝජන පිළිබඳ විශිෂ්ට දර්ශනයක් විදහා දක්වා ඇත. ඇය බ්‍රවුන්ස් සමූහයේ අනුබද්ධ සමාගම්වල සහ LOLC හෝල්ඩිංග්ස් පී.එල්.සී හි අධ්‍යක්ෂ මණ්ඩල වල කටයුතු කරයි.

අනිකුත් ප්‍රධාන පත්වීම් :
විධායක අධ්‍යක්ෂිකා - LOLC හෝල්ඩිංග්ස් පී.එල්.සී, LOLC ෆිනෑන්ස් පී.එල්.සී, LOLC ජීවිත රක්ෂණ සමාගම, පාම්ගාඩ්න් හොටෙල්ස් පී.එල්.සී, රිවරිනා රිසෝට්ස් (පුද්) සමාගම, ඊඩ්න් හොටෙල්ස් ලංකා පී.එල්.සී, බ්‍රවුන්ස් සහ සමාගම පී.එල්.සී, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පී.එල්.සී, බ්‍රවුන්ස් කැපිටල් පී.එල්.සී, ග්‍රීන් පැරඩයිස් (පුද්) සමාගම, සන් ඇන්ඩ් ෆන් රිසෝට්ස් ලිමිටඩ් සහ බ්‍රවුන්ස් හෝල්ඩිංග්ස් ලිමිටඩ්

ඒ. නිස්සංක මහතා - විධායක අධ්‍යක්ෂ

බැංකුකරණ හා මූල්‍ය ක්ෂේත්‍රයේ වසර 25 කට අධික පළපුරුද්දක් සහිත අශාන් නිස්සංක මහතා 1998 වසරේදී LOLC සමූහයට සම්බන්ධ වීමට පෙර සෙලාන් බැංකුව පී.එල්.සී හි සිය වෘත්තීය ගමන් මඟ ආරම්භ කලේ 1993 වසරේදීය. ඔහු LOLC සමූහයේ ක්‍රමෝපාය අලෙවිකරණ සැලසුම්, LOLC ෆිනෑන්ස් පී.එල්.සී, LOLC මයික්‍රො ක්‍රෙඩිට් ලිමිටඩ් සහ LOLC ඉන්ෂුවරන්ස් සමාගමෙහි ප්‍රවේශ මධ්‍යස්ථාන සංවර්ධන සහ කළමනාකරණ වගකීම් දරයි.

ඕස්ට්‍රේලියාවේ එඩිත් කොවාන් සරසවියේ MBA උපාධිධාරී ඔහු, එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයේ (CIM) උපාධි ඩිප්ලෝමාවක්ද හිමිකර ගෙන සිටී. නිස්සංක මහතා ඕස්ට්‍රේලියානු කළමනාකරණ ගණකාධිකරණ ආයතනයේ (CMA) සහතික ලත් කළමනාකරණ ගණකාධිකාරිවරයෙකු මෙන්ම ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) සාමාජිකයෙකුද වෙයි.

වර්තමානයේ ඔහු ශ්‍රී ලංකා මූල්‍ය ආයතන සම්මේලනයේ කළමනාකාරිත්ව මණ්ඩල සාමාජිකයෙකු ලෙසද, ශ්‍රී ලංකා කල් බදු සම්මේලනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද, ශ්‍රී ලංකා මූල්‍ය ඔම්බුඩ්ස්මන් සීමිත (වගකීම්) සමාගමේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස මෙන්ම ඕස්ට්‍රේලියානු කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (CMA) සාමාජික මණ්ඩලයද නියෝජනය කරයි.

ඩී. පී. පීරිස් මහත්මිය - ස්වාධීන අධ්‍යක්ෂිකා

ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරියක වන ප්‍රියන්ති පීරිස් මහත්මිය ආයතනික හා මූල්‍ය නීති පිළිබඳ වසර 38 කට අධික පළපුරුද්දක් ලබා සිටී. එංගලන්තයේ හා වේල්සයෙ සොලිසිටර්වරියක ලෙසද කටයුතු කර ඇති ඇය දැනට පෞද්ගලිකව නීතිඥ වෘත්තියේ නිරත වෙයි. ප්‍රියන්ති පීරිස් මහත්මිය ෆෝර්බස් ඇන්ඩ් වෝකර් ලිමිටඩ්, ෆෝබ්ස් සිලෝන් ලිමිටඩ්, ෆෝබ්ස් ස්ටොක් බ්‍රෝකර්ස් ලිමිටඩ්, ෆෝබ්ස් එයාර් සර්විසස් ලිමිටඩ් ( Emirates අලෙවි නියෝජිත), වනික් කෝපරේට් සර්විසස් ලිමිටඩ්, ඔෆිස් නෙට්වර්ක් (පුද්) සමාගම, කැපිටල් රීච් (හෝල්ඩිංග්ස්) ලිමිටඩ් සහ ඇසෝසියේටඩ් මෝටර්වේස් ලිමිටඩ් හි අධ්‍යක්ෂ මණ්ඩල වලද කටයුතු කර තිබේ.

ප්‍රියන්ති පීරිස් මහත්මිය දැනට ඇසෝසියේටඩ් ඉලෙක්ට්‍රිකල් කෝපරේෂන් ලිමිටඩ්, අබාන්ස් ඉලෙක්ට්‍රිකල්ස් ලිමිටඩ්, ඒෂියා ඇසෙට් ෆිනෑන්ස් පී.එල්.සී, පී.ඩබ්. කෝපරේෂන් සෙක්‍රටේරියල් (පුද්ගලික) සමාගම, ඒෂියන් සෙන්ටර් ෆෝ ලීසිං එඩියුකේෂන් (පුද්ගලික) සමාගම, MTN කෝපරේට් කන්සල්ටන්ස් (පුද්ගලික) සමාගමේ සහ සිත්ජය අරමුදල (පුද්ගලික) සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල වල සේවය කරයි. පීරිස් මහත්මිය 2002 - 2004 වර්ෂ වල මුදල් අමාත්‍යාංශයේ නීති උපදේශිකාවක ලෙස සහ 2004 සිට 2011 දක්වා කොළඹ කොටස් හුවමාරුවේ නීති උපදේශක ලෙස කටයුතු කළාය.

ප්‍රියන්ති පීරිස් මහත්මිය, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මඟින් 1995 වසරේ අත්කර ගැනීම් සහ ඒකාබද්ධ කිරීම් සංග්‍රහයේ සහ සංස්ථාපිත පාලන නීතියේ සංශෝධන නිර්දේශ කිරීම සඳහා විසින් පත්කරන ලද කමිටුවල සාමාජිකාවක්ද වෙයි.

පී.ඒ. විජේරත්න මහතා - ස්වාධීන අධ්‍යක්ෂ

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නිලධරයකුවූ පී.ඒ.විජේරත්න මහතා ගිණුම්කරණය, මූල්‍ය වාර්තාකරණය, අභ්‍යන්තර අරමුදල් ආයෝජන, විදේශ ණය බෙදාහැරීම් හා ආපසු ගෙවීම්, විගණන හා පරිපාලන කටයුතු පිළිබඳ වසර 20 කට අධික අත්දැකීම් ලබා ඇත. 1991 වසරේ මහ බැංකුව සමඟ එක්වූ ඔහු 2016 වසරේදී විශ්‍රාම ගැනීම දක්වා එහි මූල්‍ය, රාජ්‍ය ණය කළමනාකරණ සහ අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තු වල සේවය කර ඇත.

ඔහු කැළණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් (විශේෂ ක්ෂේත්‍රය - වාණිජ) දරන අතර ගණකාධිකරණය සහ මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියෙකි. එමෙන්ම විජේරත්න මහතා එක්සත් රාජධානියේ එසෙක්ස් විශ්ව විද්‍යාලයේ ගණකාධිකරණ සහ මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ MSc. උපාධියද ලබා ඇත.